හමාස් සංවිධානය විසින් පසුගිය වසරේ ඔක්තෝබරයේදී පැහැරගත් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කිරීමට එම සංවිධානය සමග සාකච්ඡා පවත්වන ලෙස ඊශ්‍රායල රජයට බලකරමින් දහස් සංඛ්‍යාත විරෝධතාකරුවන් ටෙල්අව්වි නුවර අධිවේගී මාර්ගයක් අවහිර කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඔක්තෝබර් 12 වනදා රාත්‍රියේ ටෙල්අව්වි නුවර අධිවේගී මාර්ගයට එක්රොක් වූ ඊශ්‍රායල විරෝධතාකරුවන් ටයර් පුලුස්සමින් එම මාර්ගය මුළුමනින්ම වසා දැමීමට පියවර ගත් බවත් විරෝධතා මැඩ පැවැත්වීමට පැමිණි පොලිස් නිලධාරීන් සමග ගැටුම් ඇති කර ගත් බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.
විරෝධතා විසුරුවා හැරීමට ඊශ්‍රායල පොලිසිය දැඩි උත්සාහයක නිරත වී ඇතැයිද විරෝධතාකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයිද වැඩිදුරටත් එම පුවත් සේවා වාර්තා කරනවා.
පසුගිය වසරේ ඔක්තෝබර් 7 වනදා හමාස් සංවිධානයේ සාමාජිකයන් ඊශ්‍රායලයට කඩා වැදී දරුණු ප්‍රහාරයක් එල්ල කළ අතර, ඊශ්‍රායල ජාතික 239 දෙනෙක් ප්‍රාණ ඇපයට ගෙන තිබුණා.
පසුගිය කාලයේ ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර ඇති කර ගත් තාවකාලික සටන් විරාමය අතරතුර ප්‍රාණ ඇපකරුවන් පිරිසකට නිදහස ලැබුණා.
කෙසේ වෙතත් තවත් සැලකිය යුතු පිරිසක් ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලට ගොදුරු වූ බව වාර්තා වනවා.
ඒ අතරින් තවත් 101 දෙනෙක් තවමත් ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවා තබා සිටින බවද වාර්තා වනවා.
Discussion about this post