අමෙරිකාවේ හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ බිරිඳ වන මිලේනියා ට්‍රම්ප් මුල්වරට රිපබ්ලිකන් අපේක්ෂක සැමියාගේ ඡන්ද ව්‍යාපාරයට සම්බන්ධ වී විනාඩි පහක කතාවක් පවත්වා ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරනවා.
ඇය මෙලෙස පැමිණ ඇත්තේ නිව්යෝර්ක් හිටි පැවැති රැළියකටයි.
මෙහි විශේෂත්වය වන්නේ මිලේනියාව හඳුන්වා දී ඇත්තේ බිලියනපති ව්‍යාපාරික ඊලොන් මාස්ක් විසින් වීමයි.
කතිකයන්ගේ නාම ලේඛනයේ මිලේනියාගේ නම සඳහන් නොවුණත් ඇය විනාඩි පහක පමණ කතාවක් පවමත්වමින් කියා ඇත්තේ අමෙරිකාවේ ඊළඟ අණදෙන නිලධාරියා වන්නේ තම සැමියා වන ඩොනල්ඩ් ට්‍රම්ප් බවයි.
ඇය ත්මන් ආර්ථික අස්ථාවර පාලනය හේතුවෙන් පුරවැසියන්ට ජීවිතය සතුටින් ගත කිරීමට හැකි නැති බවද පවසා ඇති බවයි විදෙස් පුවත් වාර්තා කරන්නේ.
Discussion about this post