එළැඹෙන ජනාධිපතිවරණයේ අපේක්ෂකයකු මෙන්ම අමෙරිකාවේ හිටපු ජනාධිපතිවරයකු වන ඩොනල්ඩ් ට්‍රම්ප් වෙඩි ප්‍රහාරයකට ලක්ව තිබෙනවා.
ට්‍රම්ප් හට මෙම වෙඩි ප්‍රහාරය එල්ලව ඇත්තේ පෙන්සිල්වේනියාවේ පැවැති මැතිවරණ රැළියක් අතරතුරදීයි.
සිය පාක්ෂිකයන් දහස් ගණනක් සමග එළිමහනේ පැවැති මැතිවරණ රැළියට පැමිණ සිටි පිරිස අතරින් වෙඩි ප්‍රහාරය වේදිකාවේ සිටි ට්‍රම්ප් හට එල්ල වී ඇති බවයි විදෙස් පුවත් සේවා වාර්තා කරන්නේ.
වෙඩි ප්‍රහාරයෙන් එක් වෙඩි උණ්ඩයක් ට්‍රම්ප්ගේ දකුණු කණ අසලට වැදීම හේතුවෙන් තුවාල සිදුව ඇති බවද විදෙස් පුවත් සේවා වාර්තා කරනවා.
කෙසේ වෙතත් වෙඩි ප්‍රහාරය එල්ල කරන ලද වෙඩික්කරුද ආරක්ෂක අංශවලින් මරණයට පත්ව ඇති බවටද එම වාර්තා වැඩිදුරටත් වාර්තා කරනවා.
මේ අතර මැතිවරණ ප්රචාරක රැළියක් අතරතුර සිය ප්රතිවාදියාවූ රිපබ්ලිකන් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හට එල්ල වූ වෙඩි ප්‍රහාරය දැඩි ලෙස හෙළා දකින බව අමෙරිකාවේ වත්මන් ජනාධිපති ජෝ බයිඩන් පවසනවා.
වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් වාර්තා වූ සැණින් අමෙරිකානු ජනාධිපතිවරයා හිටපු ජනාධිපතිවරයාගේ තත්ත්වය සම්බන්ධයෙන් විමසා බලා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් වැඩිදුරටත් පවසන්නේ මෙවන් තිරිසන් පිළිකුල් සහගත දේශපාලන ප්රචණ්ඩ ක්‍රියාවන් තමන් අනුමත නොකරන බවයි.
Discussion about this post