ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් සිව්දෙනෙකු සහ පලස්තීන සිරකරුවන් කිහිපදෙනෙකු නිදහස් කර ගැනීම සඳහා ගාසා තීරයට දින දෙකක සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරන ලෙස ඊජිප්තු ජනාධිපති අබ්දෙල් ෆටා එල් සිසී ඊශ්‍රායල රජයට සහ හමාස් සංවිධානයට යෝජනා කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඊශ්‍රායල පලස්තීන සාම ප්රයත්නයට මැදිහත් ප්‍රධානතම රටක් වන ඊජිප්තුවේ යෝජනාවට අනුව එම සාම ප්රයත්නයේ තවත් මැදිහත් රටක් වන කටාර් රාජ්‍යයේදී නව සටන් විරාම යෝජනා සම්බන්ධ සාකච්ඡා පැවැත්වීමට නියමිත බව ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.
සටන් විරාමය අතරතුර ගාසා තීරයේ අවතැන් වූ සිවිල් ජනතාවට මානුෂීය ආධාර සැපයීම පුළුල් කළ හැකි බවද ඊජිප්තු ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇති අතර, දෙපාර්ශ්වය අතර ස්ථිර සටන් විරාමයකට සාකච්ඡා පැවැත්වෙන අතරතුරදීම එම දෙදින සටන් විරාමය ප්‍රකාශයට පත් කළ හැකි බවද සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.
මේ යෝජනාව පිළිපඳ ඊශ්‍රායලය හෝ හමාස් සංවිධානය මෙතෙක් කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
Discussion about this post