ඇරොබික් ජිම්නාස්ටික් 2024 වර්ෂයේ පැවැති තරගාවලියෙන් රන් පදක්කම් 19ක්, රිදී පදක්කම් 6ක් සහ ලෝකඩ පදක්කම් තුනක් සමගින් ලකුණු 42ක් ලබා සමස්ත ලංකා ශූරතාවය දිනා ගැනීමට මහර මහමායා බාලිකා මහා විද්‍යාලයේ ශිෂ්‍යාවෝ පසුගියදා සමත් විය.
මෙහි සමස්ත ලංකා තරගාවලියේදී ලකුණු 24ක් ලබාගනිමින් අනු ශූරතාවය දිනාගැනීමට කොට්ටාව ධර්මපාල විද්‍යාලය සමත් විය.
මහර මහාමායා බාලිකා මහා විද්‍යාලයේ විදුහල්පතිනිය වන ඩබ්ලිව්.ආර්. ප්‍රියදර්ශිනි මහත්මියගේ උපදෙස් මත එහි සහකාර විදුහල්පතිනිය වන අනුලා කුමාරිහාමි මහත්මිය ඇතුලු එහි ආචාර්ය මන්ඩලයේ ගුරු මහත්ම මහත්මීන්ගේ කැපවීම මත ශිෂ්‍යාවෝ එම තරගයට සහභාගි වී මෙසේ ශූරතාවය දිනාගැනීමට සමත් විය.
Discussion about this post