සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පළමු විස්සයි විස්ස තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 134ක් ලබාගැනීමට සමත් වූවා.
තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කළා.
ඒ අනුව පන්දුවට පහරදීමට පිටියට පැමිණි බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේදී කඩුලු අටක් පමණක් දැවී ලකුණු 134ක් ලබාගැනීම සමත් වූවා.
පන්දුවට පහරදීමේදී බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් රැස් කරගැනීමට සමත් වූවේ නායිකා Hayley Matthewsය.
ඇයට පන්දු 30ක් තුළදී හතරේ පහර පහක් සමගින් ලකුණු 30ක් ලබාගැනීමට සමත් වූවා.
පන්දු 22කදී හතරේ පහර තුනක් සමගින් ලකුණු 26ක් ලබාගැනීමට Aaliyah Alleyne සමත් වූවා.
Qiana Joseph පන්දු 18කදී ලකුණු 20ක් ලබාගත්තේ හයේ පහරක් සහ හතරේ පහර තුනක්ද සමගින්.
සෙසු කිසිදු ක්‍රීඩිකාවකට ලකුණු 20 සීමාව පසු කිරීමට අවස්ථාව ලැබුණේ නෑ.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් චමරි අතපත්තු, ඉනෝෂි ප්‍රියදර්ශනී සහ අමා කාන්චනා කඩුලු ලබාගැනීමට සමත් වූවා.
චමරි අතපත්තු පන්දුවාර හතරක් යොමු කරමින් ලකුණු 29කට කඩුලු 4ක්ද ඉනෝෂි පන්දුවාර හතරක් යොමු කරමින් කඩුලු තුනක්ද දවා ගත් අතර පන්දුවාර තුනක් යොමු කළ අමා කාන්චනා එක් කඩුල්ලක් දවා ගැනීමට සමත් වූවා.
තරගයේ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස තුළදී ලකුණු 135ක් ලබාගත යුතු වනවා.
තරගය මේ වන විට හම්බන්තොට, සූරියවැව මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.
එහි සජීවි විකාශය පහතින් නරඹන්න…
Discussion about this post