කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව සේවයේ යෙදී සිටින ග්‍රාම නිලධාරිනියකට ලිංගික අතවරයක් සිදු කළේ යැයි කිය එහි පරිපාලන ග්‍රාම නිලධාරිවරයා පෙබරවාරි 11 වනදා රාත්‍රීෙය් කල්පිටිය පොලිිසිය විසින් අත්අඩංගුවට ඇති බව පොලිසිය පවසනවා.
අදාළ ග්‍රාම නිලධාරිනිය විසින් මෙදින සන්ධ්‍යාෙව් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.
මෙම සිදුවීමට මුහුණ පා ඇත්තේ කල්පිටිය 620 නාරක්කල්ලිය ග්‍රාම නිලධාරි වසම නියෝජනය කරනු ලබන ග්‍රාම නිලධාරිවරියි.
සිය පැමිණිල්ල පළමුව කල්පිටිය ප්‍රාදේශීය ලේකම්වරයා වෙත ඉදිරිපත් කළ බවත් ඇයට සෑහීමකට පත්වීමට හැකි විසඳුමක් ප්‍රාදේශීය ලේකම්වරයාගෙන් නොලැබුණු බවත් මෙම නිලධාරිනිය වැඩිදුරටත් පවසනවා.
එම මානසික පීඩාව සහ සිත් තැවුල හේතුවෙන් තවදුරටත් තමාට රාජකාරියේ නිරතවීමට අපහසු බැව් තීරණය කොට තමා ඉල්ලා අස්වීම ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ලේකම්තුමා, පුත්තලම දිස්ත්‍රික් ලේකම්තුමා සහ කල්පිටිය ප්‍රාදේශීය ලේකම්තුමා වෙත ලිඛිතව දන්වා ඇත ිබවත් එහි ප්‍රතිඵලය ලෙස කල්පිටිය ප්‍රාදේශීය ලේකම්තුමා විසින් මෙම පැමිණිල්ල අපරාධ කරුණක් නිසා අදාළ පොලිසිය වෙතට යොමු කරන ලෙස කරුණු දක්වා තිබෙනවා.
එවැනි පසුබිමක් යටතේ මෙම ග්‍රාම නිලධාරිවරියගේ පැමිණිල්ලේ මෙලෙස සඳහන් කර තිබෙනවා.
තුන්වන ශ්‍රේණියේ ග්‍රාම නිලධාරිනියක වූ මෙම නිලධාරිනියගේ නිවසට ජනවාරි 24 වන දින කිසිදු පෙර දැනුම්දීමකින් හෝ අවසර ගැනීමකින් තොරව 56 හැවිරිදි පරිපාලන ග්‍රාම නිලධාරීවරයා ඇතුළු වී තිබෙනවා.
තමා රාජයේ සංගණන කටයුතුවලින් ඉවත්ව සිටි නිසා තමා භාරයේ තිබූ රජයෙන් ලබා දුන් ටැබ් පරිගණකය යළි භාර ගැනීමට පැමිනි බව එම නිලධාරියා පවසා තිබෙනවා.
ඊට අදාළ ෆෝරමයක් පිරවිය යුතු බව පවසමින් සූක්ෂ්මව තමාට ළංවෙමින්, මෙම නිලධාරිනියගේ රාජකාරිමය ගැටලු ඇති බවත් පවසමින් ඉන් ගැලවීමට නම් ඔහුට ලිංගික අල්ලස් ලබාදිය යුතු බවට හැඟවූ බවත් , තමාට ලිංකිගිති අතවර කළ බවටත් පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වනවා.
පරිපාලන ග්‍රාම නිලධාරිවරයා නිවසින් පිටව යාමත් සමග තමන් සමග සේවය කරනු ලබන ග්‍රාම නිලධාරිනියකට මේ බව දුරකථනයෙන් දැනුම්දී තවත් ග්‍රාම නිලධාරීන් පිරිසකටද සිද්ධිය දැනුවත් කිරීමට කටයුතු කළ බව එම ලිපියේ සඳහන් කොට තිබෙනවා.
මෙම කරුණු සැලකිල්ලට ගනිමින් අදාළ පරිපාලන ග්‍රාම නිලධාරිවරයා කල්පිටිය පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතර, පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.
කල්පිටිය වැඩබලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මිල්රෝයි සඳරුවන් මහතා විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
උපුටා ගැනීම : 2024-02-13 දිනමිණ
Discussion about this post