නීති විරෝධීව දිවයිනට රැගෙන ආ බවට සැකකෙරෙන බීඩි කොළ කිලෝග්‍රෑම් 700ක තොගයක් සමග ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා.
නාවික හමුදාව කියා සිටියේ කල්පිටිය ප්‍රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ පසුගිය 14 වනදා සිදු කරන ලද සෝදිසි මෙහෙයුමකදී මෙම බීඩි කොළ තොගය සහිත ඩිංගි බෝට්ටුව අත්අඩංගුවට ගැනුණු බවයි.
නීති විරෝධී මත්ද්‍රව්‍ය මුහුදු මාර්ගය ඔස්සේ දිවයිනට රැගෙන ඒම වැළැක්වීම සඳහා නාවික හමුදාව අඛණ්ඩව සිදු කරනු ලබන මෙහෙයුම් යටතේ වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා විජය ආයතනය මගින් පසුගියදා මෙම සෝදිසි මෙහෙයුම සිදුකර තිබෙනවා.
එහිදී මුහුදේ අතහැර දමන ලද ඩිංගි යාත්‍රාවක් සෝදිසි කිරීමේදී අදාළ යාත්‍රාවේ උර විසි දෙකක අසුරණ ලද බීඩි කොළ කිලෝ 700 සොයා ගැනීමට නාවික හමුදාව සමත්ව තිබෙනවා.
අදාළ බීඩි කොළ තොගය ගොඩබිමට රැගෙන ඒමට නොහැකිව ජාවාරම්කරුවන් විසින් ඩිංගි යාත්‍රාව සහ බීඩි කොළ තොගය අතහැර දමන්නට ඇති බවට නාවික හමුදාව සැක පළ කරනවා.
නාවික හමුදා භාරයට ගැනුණු බීඩි කොළ තොගය සහ ඩිංගි යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සිදු කෙරෙන තෙක් නාවික හමුදා භාරයේ පවතිනවා.
Discussion about this post