ග්‍රීක රජය දැඩි ආර්ථික අර්බුදයක පසුවේද්දී ශ්‍රී ලංකා රජය සතු රුපියල් කෝටි 184කට අධික මුදලක් යොදවා ග්‍රීක බැඳුම්කර මිලදී ගැනීමෙන් රජයට පාඩු කළ බවට හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු පස් දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබෙනවා.
හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට අමතරව මෙලෙස චෝදනා ලැබ සිටින්නේ කේ.ජී.ඩී. ධර්මසේන වීරසිංහ, බී.ඩී. වසන්ත ආනන්ද සිල්වා, චන්ද්‍රසිරි ජයසිංහ පණ්ඩිත සිරිවර්ධන සහ එච්.ඒ. කරුණාරත්න නමැත්තයන්ය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට කළ පැමිණිල්ලකට අනුව කෙරුණු විමර්ශනයකින් අනතුරුව අල්ලස් කොමිසම විත්තිකරුවන්ට මෙලෙස නඩු පවරා තිබෙනවා.
2012 වසරේ ග්‍රීක රජය දැඩි ආර්ථික අර්බුදයක පසුවෙද්දි ශ්‍රී ලංකා රජය සතු රුපියල් 184,32,67,595ක මුදලක් යොදවා ග්‍රීක බැඳුම්කර මිලදී ගැනීමෙන් රජයට පාඩු කළ බවට අල්ලස් කොමිසම විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා තිබෙනවා.
Discussion about this post