හැටන් ලංගම ඩිපෝවට අයත් බස් රථයකින් පුද්ගයෙකු ඇද වැටීමට සම්බන්ධ බස් රථයේ රියදුරු දින 11කට පසුව පසුගිය 30 වන දින ගිනිගත්හේන පොලිසියට බාරවී තිබෙනවා.
සැප්තැම්බර් මස 19 වන දින සවස හැටන් සිට මහනුවර දක්වා ධාවනය වෙමින් තිබූ හැටන් ලංගම ඩිපෝවට අයත් බස් රථයක ගමන් ගත් එම ඩිපෝවේම සේවකයෙකු අඹගමුව කිතුල්කොටේ ප්රදේශයේදී බස් රථයෙන් ඇද වැටී බරපතල තුවාල ලබා නාවලපිටිය රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙනවා.
එම රෝහලේ දැඩි ෂත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටි එම රෝගියා වැඩිදුර ප්රතිකාර සඳහා මේ වන විට මහනුවර මහ රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.
එසේම එම රෝගියා මේ වන විට බරපතල තත්ත්වයෙන් මහනුවර රෝහලේ නේවාසිකව ප්රතිකාර ලබමින් සිටිනවා.
සැප්තැම්බර් 19 වන දින සවස මෙම අනතුර සිදුවීමත් සමග එම බස් රථයේ රියදුරු එම ස්ථානයෙන් පලාගොස් දින ගණනාවක් පොලිසියට කට්ටි පනිමින් සිටියදී ගිනිගත්හේන පොලිසියද මෙම රියදුරා සෙවීමට විශේෂ මෙහෙයුමක් ආරම්භ කරනු ලැබුවා.
එලෙස පොලිසිය මෙහෙයුම් සිදු කරන අතරතුර පසුගිය 30 වන දින අදාළ රියදුරා ගිනිගත්හේන පොලිසියට බාර වී ඇති බවයි ගිනිගත්හේන පොලිසියේ ස්ථානාපතිවරයා කියා සිටියේ.
මෙලෙස බාර වූ රියදුරා හැටන් දිසා සහ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.
අනතුරට අදාළ බස් රථය මේ වන විට ගිනිගත්හේන පොලිසිය බාරයේ තබාගෙන ඇති බවත් බස් රථය නුවරඑළිය මෝටර් රථ පරීක්ෂකවරයා වෙත පරීක්ෂාවට ලක්කිරීමට පියවර ගන්නා බවත් පොලිස් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියා.
Discussion about this post