ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන ශ්රී ලංකා පොදුජන පෙරමුන හා එක්සත් ජාතික පක්ෂය තවත් පක්ෂ කිහිපයක් සමග පුළුල් සන්ධානයක් ලෙස තරග කිරීමේ එකඟතාවක් ඇති කර ගැනීමේ සූදානමක් මේ වන විට පවතින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.
ප්රථමයෙන් ප්රධාන පක්ෂ දෙක අතර ප්රතිපත්තිමය එකඟතාවක් ඇති කරගැනීමට සඳහා සාකච්ඡා පැවැත්වෙමින් තිබෙන බවත්, ජාතික ප්රතිපත්තීන් සම්බන්ධයෙන් එකඟතාවක් ඇති කර ගැනීමට නොහැකි වී ඇති අතර එම එකඟතාව ඇති කරගැනීමට උත්සාහ දරමින් සිටින බවත් දැනගන්නට ඇත.
කෙසේ නමුත් සිංහල හින්දු අලුත් අවුරුද්දෙන් පසු ඒම සාකච්ඡා අවසන් කර අවසන් තීරණයකට එළැඹීමට නියමිත බවත් ආරංචි මාර්ග සඳහන් කරනවා.එකඟතාවකට පැමිණීමට හැකි වුව
හොත් ඉදිරි ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයෙකු ලෙස පොදු ලකුණකින් තරග කිරීමට නියමිත බවටයි වාර්තා වන්නේ.
ජාතික ප්රතිපත්තීන් පිළිබඳ එකඟතාවකට පැමිණීමට නොහැකි වුවහොත් ශ්රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අවස්ථා කිහිපයකදී ජනාධිපතිවරයා හමු වී සාකච්ඡා පැවැත්වූ නමුත් තීරණයකට එළැඹීමට නොහැකි වීම තුළ මැතිවරණය සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට ජනාධිපතිවරයාට ඉඩහැර ඇත. කෙසේ වුවත් එන ඔ්නෑම මැතිවරණයකට මුහුණදීම සඳහා ශ්රී ලංකා පොදුජන පෙරමුණ මේ වන විටත් ගෙන් ගෙට ගොස් ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවෙළක් ක්රියාත්මක කර තිබෙනවා.
Discussion about this post