ශ්රී ලංකා පොදුජන පෙරමුණෙන් ඡන්දය ඉල්ලීමට පමණක් එන සහ එම පක්ෂයෙන් ඡන්දය ඉල්ලා දැන් වෙන්ව ගොස් සිටින අය සමග ඉදිරි ජනාධිපතිවරණයේදී කිසිදු සන්ධානගත වීමක් සිදු නොකරන බව එම පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා පවසනවා.
තම පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයකු නම් කරන්නේ නම් එසේ නම් කරන්නේ ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ප්රතිපත්ති ඉදිරියට ගෙන යා හැකි හා එම ප්රතිපත්ති ආරක්ෂා කළ හැකි අයෙකු පමණක් බවද ඔහු සඳහන් කරනවා.
මේ අතර ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සමග සිටින කොටසක් පොහොට්ටුව හෝ රාජපක්ෂවරුන් සමග ගොස් ජයග්රහණය කිරීමට නොහැකි බව පවසන බවත්, එසේ නම් එම කණ්ඩායමට පොහොට්ටුව අතහැර යා හැකි බවත් නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පවසනවා.
Discussion about this post