සැප්තැම්බර් මස 24 වනදා මධ්‍යම රාත්‍රීයේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තීරණය කර තිබෙනවා.
ඊට අදාළ ගැසට් නිවේදනයද මේ වන විට නිකුත් කර තිබෙනවා.
ඒ අනුව නව පාර්ලිමේන්තුව නොවැම්බර් මස 21 වනදා රැස්වීමට නියමිතයි.
එසේම නොවැම්බර් මස 14 වන දින පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන බවද අදාළ ගැසට් නිවේදනයේ සඳහන්.
මහ මැතිවරණයට අදාළ නාම යෝජනා භාරගැනීම ඔක්තෝබර් මස 4 වැනිදා සිට ඔක්තෝබර් මස 11 වනදා මධ්‍යහ්න 12 දක්වා සිදු කිරීමට නියමිතයි.
අදාළ ගැසට් නිවේදනයට ජනාධිපතිවරයා අත්සන් තබා ඇති අතර එය මේ වන විටත් රජයේ මුද්‍රණාලායාධිපතිනිය වෙත යොමු කර තිබෙනවා.
එම තමන් වෙත ලැබී ඇති බවයි රජයේ මුද්රණලායාධිපතිනිය තහවුරු කර සිටියේ.
Discussion about this post