බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විහ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද(14) මධ්‍යහ්න 12ට නිකුත් කරන ලද නිවේදනයේ දැක්වෙනවා.
අදාළ නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත්තේ බස්නාහිර, සබරගමුව, වයඹ සහ උතුරු පළාත්වලත් ගාල්ල, මාතර සහ ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇති විය හැකි බවයි.
දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද අදාළ නිවේදනයේ සඳහන්.
ගිගුරම් සහිත වැසි සමග ඇති වියහැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මේ අතර ඉදිරි 24ක කාලයේදී දිවයින වටා මුහුදු ප්‍රදේශයේ වැසි තත්ත්වය සැලකීමේදී දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හෝ නිශ්චිත දිශාවකින් තොරව හමන අතර සුළඟේ වේගිය පැයට කිලෝමීටර් 30ක් 40ක් පමණ විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
මේ අතර ගාල්ල සිට මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් විට පැයට කිලෝමීටර් 60ක් 65ක් දක්වා වැඩිය විය හැකියි.
සෙසු මුහුදු ප්‍රදේශවල සුළං වේගය විටින් වියට පැයට කිලෝමීටර් 50 දක්වා වැඩිය හැකියි.
මුහුදේ ස්වභාවය සැලකිල්ලට ගැනීමේදී ගාල්ල සිට මාතර හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැකි බවත් සෙසු මුහුදු ප්‍රදේශ විටින් විය රළු විය හැකියි.
ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද(14) මධ්‍යහ්න 12ට නිකුත් කළ නිවේදනයේ සඳහන්.
Discussion about this post