පළාත් පාලන ආයතනවල සංවර්ධන කටයුතු අධීක්ෂණය කිරීම සඳහා පත් කර ඇති කාර්ය පටිපාටියට අයත් නොවන ලෙස ඇති සියලු පත්වීම් අවලංගු කරන ලෙස මැතිවරණ කොමිසන් සභාව සියලුම පළාත් ආණ්ඩාකරවරුන් වෙත ලිඛිතව දැනුම්දී තිබෙනවා.
පළාත් පාලන ආයතනවල විවිධ ව්‍යාපෘති හා සංවර්ධන කටයුතු අධීක්ෂණය කිරීමට ඇතැම් පලාත් ආණ්ඩුකාරවරුන් විසින් හිටපු පළාත් පාලන නියෝජිතයන් සහ පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා භාර දුන් අපේක්ෂකයන්ද පත් කර ඇති බවට මැතිවරණ නිරීක්ෂකයන් විසින් කොමිසමට පැමිණිලි කර තිබෙනවා.
ඒ අනුව එම පත්වීම් අවලංගු කරන ලෙසත් පළාත් ආණ්ඩුකාරවරුන්ට මැතිවරණ කොමිසම විසින් දැනුම්දී තිබෙනවා.
එසේම කොමිසම පෙන්වාදී ඇත්තේ පළාත් පාලන මැතිවරණය කල් දැමුණද පළාත් පාලන මැතිවරණය නීතිය තවදුරටත් ක්‍රියාත්මක වන බවයි.
Discussion about this post