නින්ජා වෙස්ගෙන පොල්ගස්ඕවිට නිවසකට ඇතුළු වී දේපළ සොරාගෙන අයිස් මත්ද්‍රව්‍ය පානයේ යෙදුණු බාලවයස්කාර කල්ලියක තිදෙනෙක් සොරා ගත් දේපල සමගින් අත්ඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය පවසනවා.
සැකකරුවන් එලෙස සොරා ගෙන තිබූ DVD ප්ලේයරයක්, ලේ පරීක්ෂා කරන යන්ත්‍රයක්, පිත්තල භාණ්ඩ, පරිගණයක් සහ පරිගණක කොටස්, ජංගම දුරකතන ඇතුළු තවත් භාණ්ඩ තොගයක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
නිවාස දෙකක් හිමි පුද්ගලයෙක් තම පොල්ගස්ඕවිට ප්‍රදේශයේ නිවස වසා නුගේගොඩ නිවස වෙත අවුරුදු දිනවලට පෙර ගිය අවස්ථාවේදී මෙම කල්ලියේ සාමාජිකයන් විසින් මුහුණ හා අත් ආවරණය කරගෙන නිවාසට පැමිණ දොර කඩා ඇතුළු වී අදාළ නිවසේ තිබූ දේපල කොල්ලකා තිබූ බව පොලිසිය පවසනවා.
සොරා ගන්නා ලද දේපළ එම ප්‍රදේශයේම විවිධ පුද්ගලයන් වෙත අඩු මිලකට විකුණා තිබියදී පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් වයස අවුරුදු 16, 17 සහ 18 සැකකරුවන් තදින් අයිස් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහිව ඇති බවත් ඉකුත් කාලය පුරා කහතුඩුව පොලිස් වසමේ සිදු වූ සොරකම්වලට මොවුන් සම්බන්ධදැයි ඇඟිලි සලකුණු ඔස්සේ විමර්ශන සිදු කරන බවත් පොලිසිය පවසනවා.
සැකකරුවන් කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර කහතුඩුව පොලිසිය විසින් ඉදිරි විමර්ශන කටයුතු සිදු කරනු ලබනවා.
Discussion about this post