ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබෙනවා.
හිටපු මන්ත්‍රීවරයා පෙරවරු 9ට පමණ CIDයට පැමිණ ඇති අතර මෙලෙස හදිසියේම කැඳවා ඇත්තේ ඇයිදැයි යන්න සම්බන්ධයෙන් එහිදී මාධ්‍යවේදීන් නාමල් රාජපක්ෂ මහතා ගෙන් විමසා තිබෙනවා.
එහිදී මන්ත්‍රීවරයා පවසා ඇත්තේ කැඳවීමට හේතුව තමන් නොදන්නා බවත් ගිහින්ම දැන ගැනීමට සිදුවන බවත්ය.
වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මෙලෙස කියා සිටියේ මෙලෙස කැඳවීමට හේතුව නොදන්නා බවත් එලෙස කැඳවීම හොඳ බවත්ය.
මෙලෙස කැඳවීම හරහා තමන් වෙත එල්ල වී ඇති චෝදනාවන් නැති කර ගැනීමට හැකි බවයි.
ඇතමුන් අවබෝධයෙන් බොරු කියපු අය සිටින බවද ඔහු කියා සිටියා.
එසේම තමන් අවබෝධයෙන් බොරු කියන අයෙක් නොවන බවත් අවබෝධයෙන් කටඋත්තරයක් ලබාදී පැමිණෙන බවත් ඔහු කියා සිටියා.
Discussion about this post