නාවලපිටිය සිට නානුඔය දක්වා ධාවනය වු 779 මගී සහ භාණ්ඩ ප්රවාහන දුම්රිය පීලිපැනීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා පැමිණ ඇති බව නාවලපිටිය දුම්රිය පාලක මැදිරිය පවසනවා.
උඩරට දුම්රිය මාර්ගයේ ඉහල වටවල සහ රොසැල්ල දුම්රිය ස්ථාන දෙක අතර 102 ¼ සැතපුම් කණුව අසලදි අද (09) පස්වරු 5 ට පමණ එම දුම්රියේ එන්ජිම පීලිපැන දුම්රිය මාර්ගය අසල පිහිටි කන්දක ගැටීමෙන් දුම්රිය එන්ජිමට බරපතල ලෙස හානි සිදුව ඇති බවයි දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් කියා සිටියේ.
පීලිපැනීමට ලක්වූ දුම්රිය පීලිගත කරන තෙක් කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය කරන දුම්රියන් වටවල දුම්රිය ස්ථානය දක්වාත්, බදුල්ල සිට කොළඹ දක්වා ධාවනය කරන දුම්රියන් හැටන් දුම්රිය ස්ථානය වෙත ධාවනය කර එතැන් සිට දුම්රියන් දෙකෙහි මගින්ව දුම්රියන්වලට මාරු කර සිය ගමනාන්තය දක්වා යොමු කරන බවයි හැටන් දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු කියා සිටියේ.
දුම්රිය පීලිපැනීමෙන් දුම්රිය මාර්ගයටද දැඩි අලාභ හානි සිදුව තිබෙනවා.
Discussion about this post