ජනාධිපතිවරණයට අදාළ ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පිළිබඳ පනතේ නීතිමය විධිවිධාන අනුව ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීම සඳහා නියමය පළ කරන දිනය, නාමයෝජනා භාරගැනීමේ දිනය, ස්ථානය සහ ඡන්ද විමසීමේ දිනය පිළිබඳ දැනුම්දීමේ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ජනාධිපතිවරණය සැප්තැම්බර් මස 21 වන දින පැවැත්වෙන බවයි මැතිවරණ කොමිසම නිවේදනය කරන්නේ.
එසේම කොමිසම එම නිවේදනයෙන් දක්වා ඇත්තේ නාමයෝජනා භාර ගැනීම 15 වැනිදා සිට සිදු කිරීමට නියමිත බවයි.
රාජගිරියේ පිහිටි මැතිවරණ මහලේකම් කාර්යාලය ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ නාමයෝජනා භාර ගන්නා ස්ථානය ලෙසින්ද අදාළ ගැසට් නිවේදනයෙන් දක්වා තිබෙනවා.
එසේම ජනාධිපතිවරණයට අදාළ ඇප මුදල් තැන්පත් කිරීමට අදාළ ගැසට් නිවේදනයද මැතිවරණ කොමිසන් සභාව මේ වනවිට ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඒ අනුව ජුලි මස 26 වනදා සිට අගෝස්තු මස 14 වනදා දක්වා සෙනසුරාදා සහ ඉරිදා දිනයන් හැර අනෙකුත් දිනවල උදෑසන 8.30 සිට පස්වරු 4.15 දක්වා ඇප මුදල් තැන්පත් කිරීමේ හැකියාව පවතිනවා.
කෙසේ වෙතත් අගෝස්තු 14 වනදා පමණක් ඇප මුදල් තැන්පත් කළ හැක්කේ මධ්‍යහ්න 12 දක්වා පමණයි.
අපේක්ෂකයා පිළිගත් දේශපාලන පක්ෂයක් විසින් නාමයෝජනා කරන ලද අපේක්සකයකු වන අවස්ථාවේද රුපියල් පනස් දහසක මුදලක් ඇප මුදල් ලෙස තැන්පත් කළ යුතු වනවා.
එසේම අදාළ අපේක්ෂකයා වෙනත් දේශපාලන පක්ෂ්‍යක් විසින් හෝ ඡන්ද හිමියෙකු විසින් හෝ නාමයෝජනා කරන ලද අපේක්ෂයකුවන අවස්ථාවේ තැන්පත් කළ යුතු ඇප මුදල රුපියල් හැත්තෑ පන්දහසක් වනවා.
අදාළ ඇප තැන්පත් කිරීම් මැතිවරණ කොමිෂන් සභාව වෙත අදාළ කාර්ය සඳහා මැතිවරණ කොමිෂන් සභාව විසින් බලය පවරන ලද යම් තැනැත්තෙකු වෙත හෝ රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී ඇප වශයෙන් තැන්පත් කළ යුතු බවද අදාළ ගැසට් නිවේදනයේ සඳහන්.
මේ අතර රජයේ මුද්‍රණාලය පවසන්නේ ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමට අදාළ ගැසට් පත්‍රය ලැබී ඇති බවයි.
ඒ අනුව එය ජුලි 26 වනදා පෙරවරුවේ ප්‍රසිද්ධියට පත් කරන බව රජයේ මුද්‍රණාලය පවසනවා.
ජනාධිපතිවරණයට අදාළ දිනයන් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ නිලධාරීන් ජුලි 25 වනදා රැස්වීමෙන් අනතුරු එම දිනයන් තීරණය කර තිබෙනවා.
Discussion about this post