ජනාධිපතිවරණයට ඇප මුදල් තැන්පත් කිරීමේ දිනය ප්රකාශයට පත් කිරීමත් සමගින් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ස්වාධීන අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීමට අදාළව ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා මහතා විසින් මෙලෙස ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.
මැතිවරණ කොමිෂන් සභාවට ජුලි මස 26 වැනිදා පෙරවරුවේම ඔහු රනිල් වික්රමසිංහ මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කර ඇති බවටයි වාර්තා වන්නේ.
මේ අතර 2024 ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වීමට ස්වාධීන අපේක්ෂකයෙකු ද මේවන විට ඇප මුදල් තැන්පත් කර ඇති බවට වාර්තා වනවා.
එලෙස ඇප මුදල් තැන්පත් කර ඇත්තේ හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරයකු වන සරත් කීර්තීරත්න මහතායි.
ඉදිරි ජනාධිපතිවරණයේදී ස්වාධීන අපේක්ෂකයෙකු ලෙසින් ඉදිරිපත්වීමට එලෙස ඇප මුදල් තැන්පත් කර ඇති බවටයි වාර්තා වන්නේ.
Discussion about this post