රුපියල් කෝටි හයක ලොතරැයි ජයග්‍රහණයක් මීට පෙර හිමි කරගෙන තිබූ පොල් කඩා ජීවිකාව ගෙන යන්නෙකුට පසුගිය සතියේද රුපියල් ලක්ෂ විස්සක ලොතරැයි ජයග්‍රහණයක් හිමි වී ඇතැයි ගම්පොළට නුදුරු ගම්මානයකින් වාර්තා වනවා.
මීට වසර එක හමාරකට පමණ ඉහතදී රුපියල් කෝටි හයක ලොතරැයි ජයග්‍රහණයක් හිමි වුවත් මොහු කුඩා කල සිටම කරගෙන ආ කුළියට පොල් කැඩීම කරගෙන ගිය බව මේ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කළ ඒම ප්‍රදේශයේ විශ්‍රාමික රාජ්‍ය නිලධාරියෙක් පැවසීයි.
මෙම ජයග්‍රාහී ලොතරැයිපත් දෙකම කුලියට පොල් කඩ පුද්ගලයා මිලදී ගෙන ඇත්තේ එකම අලෙවි නියෝජිතයෙකුගෙනි.
ලොතරැයි පත් දෙකකින් විශාල මුදල් සම්භාරයක් ජයග්‍රහණයක් ලැබූ මොහු නැසී ගිය අතිශය ජනප්‍රිය සිනමා නළුවෙකුගේ නමින් හැඳින්වෙන අයෙකි.
නිතිපතාම පාහේ ලොතරැයිපත් මිලදී ගන්නා මෙම පුද්ගලයා එම ලොතරැයිපත් මිලදී ගැනීමට පැමිණෙන්නේ කිසිවකුත් ලොතරැයි අලෙවි නියෝජිතයා ළඟ නොමැති අවස්ථාවක් බලායි.
පැය භාගයකට ආසන්න කාලයක් ලොතරැයි පත් තෝරන මොහු අවසානයේ ලොතරැයිපත් දහයක් පමණ මිලදී ගෙන යන බව පැවසේ.
ලොතරැයි දිනුම් ඇදීමෙන් පසු ඒවාට ජයග්‍රහණයක් ලැබී ඇත්දැයි යන්න පරීක්ෂා කර බැලීමට මොහු පැමිණෙන්නේ ද ලොතරැයිපත් මිලදී ගත් අලෙවි නියෝජිතයා ළඟටයි
රුපියල් ලක්ෂ විස්සක මුදලක් ජයග්‍රහණය කර ඇති බව දැනගත්තත් ඔහු සාමාන්‍ය ලෙස එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
වයෝවෘද්ධ මව සමග කුඩා පැල්පතක ජීවත් වන අවිවාහකයෙකු වන මොහු මීට පෙර රුපියල් කෝටි හයක මුදලක් ජයග්‍රහණය කළත් සුරුදු පරිදිම සාමාන්‍ය ආකාරයට ජීවත් වන බවත් අලුතින් නිවසක්වත් ඉදිකරගෙන නොමැති බවත් වාර්තා වනවා.
දුර්වර්ණවී ගිය කොට කලිසමකින් සහ ටී ෂර්ට් ඒකක් හැඳගෙන පොල් කඩන පිහිය ද රැගෙන හිමිදිරි උදෑසනම නිවෙසින් මෙම කෝටිපති පොල් කඩන්නා පිටව යන්නේ කුළියට පොල් කැඩීම සඳහාය.
කෝටිපතියෙකු වෙලත් පොල් කඩන්නේ ඇයි දැයි කියා විමසන අවස්ථාවන්හිදී ඔහු සිනාසෙනවා මිස එයට පිළිතුරක් නොදෙන බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ.
රුපියල් කෝටි හයක ලොතරැයි ජයග්‍රහණයක් ලැබුණු බව දැනගත් එක්තරා බැංකුවක් ඔහු සොයා පැමිණ කරුණ කාරණා අවබෝධ කර දී ඒම මුදල පොල් කඩන්නා නමින් ගිණුමක් විවෘත කරදී එහි තැන්පත් කර ඇත.
මීට වසර එක හමාරකට පමණ ඉහතදී මෙම පොල් කඩන්නාට රුපියල් කෝටි හයක ලොතරැයි ජයග්‍රහණයක් හිමිවීමේ පුවත පුවත්පත්වල මුල් පිටුවේදී එකල පළවිය.
Discussion about this post