කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා සහ ඔහුගේ පවුලේ අය මරා දමමු යනුවෙන් මුහුණු පොතේ පළ වූ පෝස්ටුවක් සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට සහ අධ්යක්ෂවරයාට පැමිණිලි කර තිබෙනවා.
ඉසුරු පෙරේරා යන පුද්ගලයෙක් මෙම පෝස්ටුව මුහුණු පොතේ පළ කර ඇත.
මින් පෙරද අවස්ථා ගණනාවකදී මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා මරණ බව කියමින් තර්ජනාත්මක ලිපි යොමු කර තිබූ අතර ඊට අදාළ විමර්ශන සිදු කිරීමෙන් අනතුරුව මහේස්ත්රාත්වරයාගේ ආරක්ෂාව තර කර තිබුණා.
Discussion about this post