ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් නොමැතිව විදේශ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකළ කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයේ නිළධාරීන් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්.
දකුණු කොරියාවේ රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයින් තිදෙනෙකුගෙන් රුපියල් ලක්ෂ 5 බැගින් රුපියල් ලක්ෂ 15ක් හා ඉතාලියේ රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයෙකුගෙන් රු. 730,000 ක මුදල් ලබාගෙන පොරොන්දු වූ පරිදි රැකියාව ලබානොදුන් බවට කාර්යාංශයට ලද පැමිණිලි 4ට අදාළව එක් කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් කාන්තාව මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එක් නඩුවක් සඳහා රුපියල් ලක්ෂ 10ක ශරීර ඇප 2 බැගින්, නඩු 4 සඳහාම දඩුවම් නියම කර නිදහස් කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.
මේ අතර, ඩුබායි රාජ්‍යයේ රැකියාවක් ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 5ක මුදලක් ලබාගෙන රැකියාව ලබානොදුන් බවට කාර්යාංශයේ විශේෂ විමර්ශන අංශයට ලද පැමිණිල්ලක් අනුව ගලගෙදර ප්‍රදේශයේ පදිංචි කාන්තාවක්ද අත්අඩංගුවට ගැනුණා.
සැකකාරිය ගලගෙදර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔක්තෝම්බර් 4 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.
සැකකාරියට විරුද්ධව තවදුරටත් කාර්යාංශය වෙත පැමිණිලි ලැබෙමින් පවතින අතර, එම පැමිණිලි විභාග කිරීමෙන් අනතුරුව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.
විදේශ රැකියාවක් ලබාගැනීම සඳහා යම් ආයතනයකට හෝ පුද්ගලයෙකුට මුදල් හෝ විදේශ ගමන් බලපත්‍රය ලබාදීමට පෙර එම ආයතනයට විදේශ රැකියා සඳහා බඳවා ගැනීමට කාර්යාංශයේ වලංගු බලපත්‍රයක් තිබේද යන්න හා වලංගු රැකියා නියෝජිතායතනයක් වුවද එම ආයතනයට අදාළ රැකියා ඇණවුම ලැබී ඇත්දැයි යන්න සොයා බැලීම සඳහා කාර්යාංශයේ අඅඅගිකඉfැගකන වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ 1989 ක්ෂණික ඇමතුම් අංකය ඇමතීම මගින් තොරතුරු ලබාගන්නා ලෙස කාර්යාංශය විදේශ රැකියා අපේක්ෂිතයින්ගෙන් ඉල්ලා සිටිනවා.
Discussion about this post