පාර්ලිමේන්තු මැතිවරණයේදි ගෑස් සිලින්ඩරය ලකුණින් කුරුණෑගල දිස්ත්‍රික්කයට ඉදිරිපත් කරන අපේක්ෂක කණ්ඩායමේ නායකත්වය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතාට හිමිව ඇති බව වාර්තා වනවා.
එක්සත් ජාතික පක්ෂයේ කුරුණෑගල දිස්ත්‍රික් නායකත්වය දැරූ අකිල විරාජ් කාරියවසම් මහතා කණ්ඩායම් නායකත්වයෙන් ඉවත්වීම හේතුවෙන් ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙකු වන අනුර ප්‍රියදර්ශන යාපා මහතාට එම නායකත්වය හිමිව ඇති බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී පෙරමුණ යටතේ ගෑස් සිලින්ඩරය මහ මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය සහ ඊට සම්බන්ධ සෙසු දේශපාලන පක්ෂ එක්ව තරග කිරීමට නියමිත බව පැවසෙනවා.
මේ සන්ධානයට සම්බන්ධ ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණේ නායකයාද වනවා.
Discussion about this post