ජනතා විමුක්ති පෙරමුණේ විජිත් හේරත්, වසන්ත සමරසිංහ ලා ‘සල්ලි අච්චු ගැහුවේ නෑ කියලා ඔළුව කකුල් දෙක අස්සේ ගහන් නටනවා.
මාලිමාවේ ආර්ථික කවුන්සිලයේ ඉන්න පේරාදෙණියේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරලත්, IMF එකත් එක්ක සෙල්ෆි ගහපු ආචාර්ය නන්දසිරි කීඹියහෙට්ටිත් ද්‍රවශීලතාව පාලනයට ගෙන ඇති පියවර මුදල් අච්චු ගැසීමටක සමාන බව පිළිගන්නවා.
ආණ්ඩුවේ නායකයෝ ජනමාධ්‍යයටයි, සමාජ මධ්‍යයටයි බනිමින් ඇත්ත එළිවෙන එක වලක්වා ගන්න හදනවා.
එළහරකයි – මී හරකයි නගුලේ බැදලා හාන්න බැරි බව දැන් ඡන්දදායකයින්ට තේරෙනවා, යැයි නාඋල පැවති ජන හමුවක් අමතමින් මාතලේ සජබ දිස්ත්‍රික් නායිකා රෝහිණී කවිරත්න පැවසුවාය.
වාර වෙන්දේසිය (Term auction), එක්රැය වෙන්දේසිය (overnight auction) හරහා මහ බැංකුව මුදල් මවන බව, අච්චු ගහන බව කිව්වාම මහ බැංකුව නිවේදන ගහලා ඒක කරන තවත් ක්‍රමයක් ගැන කියනවා.
විජිත හේරත් ඇමතිතුමා මේ කිප්ටෝ කරන්සි, ඩිබෙට් කාඩ්, ක්‍රෙඩිට් කාඩ් යුගයේ ගල් අච්චුවේ සල්ලි කොල අච්චු ගහන හැටි කියනවා.
රටක ආර්ථිකය හැසිරවීම රාජ්‍ය යේ වගකීමක්.
රාජ්‍ය මුල්‍ය හැසිරවීම මහ බැංකුවේ කාර්යයක්. භාණ්ඩාගාරය හැසිරවීම කැබිනට් මණ්ඩලයේ, පාර්ලිමේන්තුවේ වගකීමක්.
කාඩර්වරුන්ට ආතල් දෙන්නයි, රටක ආර්ථික වෙනුවෙන් තීන්දු ගන්නයි දෙකම එක සැරේ කරන්න බෑ.
ශ්‍රී ලංකා මහ බැංකුව අවධමනය පාලනයක කරන්න, රටේ උද්ධමනය 5% දක්වා වැඩි කරන්න ගත්ත විවෘත වෙළඳපල ක්‍රමය යටතේ තමන් ගත්ත පියවර ගැන දේශපාලනකි අර්ථ කථනයක් දෙන්න වෙලා තියෙනවා.
මහ බැංකුව මුදල් අර්බුදය විශිෂ්ඨ ලෙස කළමනාකරණය කලා.
දේශපාලන අවශ්‍යතාව මත ආණ්ඩුවේ නොහැකියාව වසා ගන්නට මහ බැංකුවට නිවේදන නිකුත් කරන්න වුනොත්, එය පරාජයන් වැලක ආරම්භයක් වෙයි.
මහ බැංකුවට මම කියන්නේ ඇත්ත කියන්න. මේ රටේ මිනිස්සුන්ට ඇත්ත තේරෙනවා.
දේශපාලන නායකයින්ගේ අවශ්‍යතාවට අරමුදල් සම්පාදනය ගැන වචන හරඹ කරන එක නවත්වන්න.
මේ ආණ්ඩුව බලයට පත්වෙලා ගෙවුණු මාසය තුල දිගින් දිගටම ණය ගත්තා.
ලොවෙත් නැති වෙන්න ණය ගත්තා. ලබන සතියේ තවත් ණය ගන්න ලෑස්ති වෙනවා.
අනෙක් පැත්තෙන්, සල්ලි අච්චු ගහන්න පටන් ගත්තා. රජය භාණ්ඩාගාර බිල්පත්/බැඳුම්කර මගින් රු. කෝටි 80,900 කි ණය අරගෙන තියෙනවා.
මේවා ණය නොවෙයි නම් කොස් ඇට කියලා කියමුකෝ. ඒ කියන්නේ දවසකට කෝටි 2,790 බැගින් ණය අරං තියෙනවා.
පැයකට රු. කෝටි 116 ක් ගානේ ණය වන ආණ්ඩුවක් මේක.
මහ බැංකුවේ ස්ථාවර පහසුකම්වල තැම්පත් කර ඇති අතිරික්ත ද්‍රවශීලතාව (excess liquidity deposited in the central bank’s standing facility) රු. බිලියන 200 පැනලා තියෙනවා.
අනුර ජනාධිපති වෙනකොට එය රු. බිලියන 120 ක් වත් වුණේ නෑ.
මුදලක් අරගෙන ඒකට පොලියක් එක්ක ආපහු ගෙවනකොට ඒක ණයක් මිසක් කොස් ඇට හුවමාරුවක් නෙවෙයි.
මේ රටේ මිනිස්සුගේ ඡන්දය ඉල්ලුවේ සල්ලි අච්චු ගහන්න නෙවෙයි.
මේ රටේ මිනිස්සු මාලිමාවට ඡන්දය දුන්නේ සල්ලි අච්චු ගහන්නත් නෙවෙයි.
රටේ ප්‍රශ්න දවසින් දවස පාස්පෝට් පෝලිම වගේ දික් වෙනවා.
මාලිමාවට ඡන්දය දෙන්න පිටරටවල ඉදන් ආපු අය, යන්න පාස්පෝට් එක ගන්න බැරුව පෝලිමේ ඉන්නවා.
රටක ආර්ථික ප්රශ්නය විසඳන්න නම්, සෘජු තීරණ ගන්න වෙනවා.
ඒවා ජනප්‍රිය නොවෙන්න පුළුවන්. ගැලරිය චූන් කරලා, කාඩර් එක චූන් කරලා රටක් ගොඩ දාන්න නම් බෑ. යැයි ද කවිරත්න මහත්මිය පැවසුවාය.
Discussion about this post