හැටන් ආශ්රිත ප්රදේශයන් තුළ එලවළු මිල දැඩි ලෙස ඉහළ යාමත් සමග කොස් හා පොළොස් මිලද පෙර නොවූ අයුරින් ඉහළ ගොස් තිබෙනවා.
මේ වන විට කපන ලද කොස් කිලෝවක් රුපියල් 250ත් 300ත් අතර මිලකට අලෙවි වන අතර, කපන ලද පොළොස් කිලෝව රුපියල් 200කටද ගෙඩි පිටින් පොළොස් කිලෝව රුපියල් 100ත් 120ත් අතර මිලකටද අලෙවි වන කෙරෙනවා.
මෙම තත්ත්වයන් පිළිබඳ අදහස් දක්වන හැටන් ප්රදේශයේ සමහර පිරිස් පවසනුයේ මේ වන විට එලවළු මිල සීග්ර ලෙස ඉහළ යාමත් කොස් පොළොස් මිලද මෙසේ දැඩි ලෙස ඉහල යාමත් සමග තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවයි.
මෙම තත්ත්වයන් මත කොස් පොළොස් මිලදී ගැනීමද මේ වන විට දුෂ්කරතත්වයන්ට පත්ව ඇති බවද එම පිරිස් වැඩිදුරටත් පවසනවා.
Discussion about this post