ශ්‍රී ලංකාවේ උතුරු මුහුදු සීමාවේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගත් ඉන්දීය ධීවරයින් වහාම නිදහස් කරන ලෙස ඉල්ලා ඉන්දියාවේ රාමනාදපුරම්හි ධීවර වාඩි දෙකක ධීවරයින් කලුකොඩි විරෝධතවක නිරත වෙමින් දින නියමයක් නොමැතිව ධීවර කටයුතු වලින් ඉවත්ව තිබෙනවා.
රාමනාදපුරම්හි පාම්බන් සහ නම්පුදාලෙයි යන ධීවර වරායන්හි ධීවර යාත්‍රා 400 කට ආසන්න ප්‍රමාණයක් වරායන්හි ගාල් කොට ධීවර කටයුතුවලින් මෙලෙස ඉවත්ව සිය විරෝධය පාමින් සිටිනවා.
විරෝධය පමින් සිටින ඉන්දීය ධීවරයින් පවසා සිටියේ ගෙවුණු සති දෙකක කාලය තුළදී උතුරු මුහුදු සීමාවේදී අත්අඩංගුවට පත් ඉන්දීය ධීවරයින් 25 දෙනා වහාම නිදහස් කිරීමට පියවර ගත යුතු බවටත් ඒ සඳහා ඉන්දීය මධ්‍යම රජය මැදිහත්ව කටයුතු කල යුතු බවටත්ය.
එමෙන්ම ඉන්දීය ධීවරයින්ගේ මෙම විරෝධයට අසල්වැසි ධීවර වරායන්හීද සහය ලැබී ඇති අතර ඉදිරියේදී දැවන්ත විරෝධතාවක් පැවත්වීමටද පියවර ගන්නා බවට විරෝධතවයේ නිරත ඉන්දීය ධීවරයින් වැඩිදුරටත් පවසනවා.
Discussion about this post