ආරුගම්බෙ ප්‍රහාරයකට ඩොලර් ලක්ෂ ගණන්
ඉලක්කය යුදෙව් ජාතිකයන්
ප්‍රධාන සැකකරු ඉරාකයට නිතර ගිහින්
තවත් සැකකරුවෙක් හිටපු කොටියෙක්
ඊශ්‍රායල් ජාතිකයන් ඉලක්ක කර ආරුගම්බෙදී ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා ඩොලර් ලක්ෂ දෙකක් ලැබී ඇති බුද්ධි අංශ ආරංචි මාර්ග කියා සිටින බව ඉරිදා දිවයින පුවත්පත වාර්තා කර තිබෙනවා.
දැනට අඩංගුවේ පසුවන පුද්ගලයින් තිදෙනාගෙන් ලද තොරතුරු අනුව මෙම කරුණු හෙළිදරව් වී තිබෙනවා.
මෙම කණ්ඩායමේ ප්රාධනියා මුස්ලිම් ජාතිකයෙක් බවත් ඔහුගේ පියා මාලදිවයින් පුරවැසියෙක් බවත් වාර්තා වනවා.
මව ශ්‍රී ලාංකික කාන්තාවකි.
අත්අඩංගුවේ පසුවන එක් තැනැත්තෙකු හිටපු කොටි සාමාජිකයෙක් බවටයි වාර්තාවන්නේ.
මෙවුන්ගේ අරමුණ වී තිබී ඇත්තේ ආරුගම්බේ පිහිටි යුදෙව් ආගමික මධ්‍යස්ථානයකට පහරදීමයි.
මෙරට බුද්ධි අංශ මාස කිහිපයක් තිස්සේ කළ මෙහෙයුම් හේතුවෙන් මෙම උත්සාහය වළක්වා ගත හැකි වී තිබෙනවා.
මෙම කණ්ඩායමේ ප්‍රධානියා ලෙස සැලකෙන මුස්ලිම් ජාතිකයා නිතර ඉරාකයට යන එන පුද්ගලයෙකු බවටද තොරතුරු අනාවරණ වී ඇති බවයි දිවයින පුවත්වත වාර්තා කරන්නේ.
Discussion about this post