ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන් ඇලෝසියස් ඇතුළු තිදෙනෙකුට මාස හයක සිරදඬුවම් නියම කර තිබෙනවා.
කොළඹ මහේස්ත්රාත් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර ඇත්තේ වැට් බදු ගෙවීමේ පැහැර හැරීමේ සිද්ධියක් සම්බන්ධයෙනි.
2016 සිට 2019 වසර දක්වා කාලසීමාව තුළ රජයට අයවිය යුතු රුපියල් බිලියන 3.5ක වැට් බදු මුදල් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මෙම වගඋත්තරකරුවන්ට එරෙහිව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් මෙම නඩුව ගොනුකර තිබුණා.
අදාළ බදු මුදල් ගෙවන ලෙස අධිකරණය විසින් වගඋත්තරකරුවන්ට ඉකුත් වසරේ නොවැම්බර් මස 14 වැනිදා නියෝගයක් නිකුත් කෙරුණා.
කොළඹ අතිරේක මහේස්ත්රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා ඉදිරියේදී අදාළ නඩුව අද(14) දිනයේදී කැඳ වූ අවස්ථාවේදී අදාළ මුදල් ගෙවා නොතිබීම හේතුවෙන් වගඋත්තරකරුවන්ට එරෙහිව අධිකරණය විසින් මෙම දඬුවම් නියම කර තිබෙනවා.
Discussion about this post